ඉස්සර ස්මාර්ට් පෝන් දැන් අපි කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් හෝ අයි පෝන් කියාය. එතරමට එම මෙහෙයුම් පද්ධති ජනප්‍රිය වී ඇත. අද අපි කතා කරන්න යන්නේ අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය පිලිබදවයි. තවමත් පරික්ෂණාත්මක අවධීයේ තිබෙන් මෙම google developer ලියාපදිංචි වී ඇති ඕනෑම කෙනෙකුට භාගත කල හැකිය. මෙහි නිමවු සංස්කරණය එලි දක්වන දිනයන් පිලිබදව නිවැරදි තොරතුරක් නොමැත. මෙම සංස්කරණය සමාන්‍ය පරිදි ඉංග්‍රිසි හෝඩියේ අකාරාදී පිලිවෙලට සරිලන පරිදි ඇන්ඩ්‍රොයිඩ් ඕ ලෙස නම් කර ඇත. මෙම සංස්කරනය මගින් දුරකතන බැටරියේ අයුකාලය පිලිබදව වැඩි වශයෙන් සැලකිල්ලට ගෙන ඇති බව සදහන් වේ. එය සිදුකර ඇත්තේ background Process සීමා කිරිමෙන් ය. PiP(Picture in Picture) යනු ඇන්ඩ්‍රොයිඩ් ඕ සමග එන අංගයකි. එමගින් එකම වේලාවක කාර්යයන් දෙකක් සිදුකිරීමට හැකි ය. වඩා හොද ශබ්ද පාලනයක්. google ආයතනය මෙවර sony සමාගම සමග සම්බන්ද වී වඩා හොද ශබ්ද පරිපාලනයක් ඇති ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් බවට ඇන්ඩ්‍රොයිඩ් ඕ පත් කිරිමට උත්සහදරා ඇත. ඉදිරි ලිපියකදී හමුවෙමු.