ඔබ ඇන්ඩ්‍රායිඩ් භාවිතා කරන්නෙක් නම් දැන ගත යුතුම දෙයක් ලෙස මෙය සැලකිය හැකිය. ඇත්තටම රූට්(root) කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?
එයට දිය හැකි සරලම පිලිතුර වන්නේ රූට් කිරීමෙන් ඔබගේ දුරකථනයේ සම්පුර්ණ පාලනය ඔබ අතට ලබාගත හැකිවේ. ඔබ දුරකතනය ගත් වහාම ඔබට පුර්ණ අයිතිය ලැබෙන්නේ නැත(නමුත් එයින් වැඩි වෙනසක් ඇති නොවේ).
නමුත් වැඩි වෙනසක් ඇති නොවේ නම් රූට් කිරීමට ඇති අවශ්‍යතාව කුමක් ද?
රූට් කිරීමෙන් පසු ඔබට දුරකතනයේ ඇති ඕනෑම ඇප් එකක් ඉවත් කිරීමේ හැකියාව ලැබේ. තව ද තමන්ට ඕනෑ කරන ඔනෑම ඇප් එකක් ඉන්ස්ටෝල් කිරිමට හැකියාවද ඇත.
අවශ්‍ය නම් දුරකතයට නව Custom ROM(පසු ලිපියකින් Custom ROM ගැන කතා කරමු ) එකක් දමා ගැනීමටද හැකියාව ලැබේ.
නමුත් රූට් කිරීම අවදානම් ක්‍රියාවකි එය සිදුකිරීමේ දී ඉතාමත් ප්‍රවසමෙන් කල යුතු වේ.
රූට් කිරීමට භාවිතා කරන ප්‍රධානම මෘදුකාංගය වන්නේ kingoRoot වේ.
තව විශාල මෘදුකාංග සංඛ්‍යාවක් ඇත මේවා අන්තර්ජාලයෙන් බාගත කල හැකි වේ.

Comments
Post a Comment